Wilpattu Wind විල්පත්තු සුළඟ
විල්පත්තු වන අරණේ තුරු ලතා, සතා සීපාවාගේ අයිතිය වෙනුවෙන්...
නීති විරෝධීව එළිකළ රක්ෂිත ප්‍රදේශ නීත්‍යනුකූල කරන්නැයි බදුර්දීන් අත්සන් එකතු කරයි
මෙම වාර්තාවට එරෙහිව සිලාවතුර මරිච්චිකට්ටු ගම්මානයේදී මුස්ලිම් සංවිධාන පහක ප්‍රධානත්වයෙන් අත්සන් ලක්ෂ පහක් ලබාගැනීමේ කටයුතු පසුගියදා ආරම්භ කරන ලද්දේ රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාගේ සහ නියෝජ්‍ය අමාත්‍ය අමීර් අලි ගේ මූලිකත්වයෙන් යුතුව වන අතර ඔහුගේ මෙම ක්‍රියාවලිය හුදෙක්ම ජාතිවාදයට මුවා වී මෙම නීති විරෝධීව එළිකළ රක්ෂිත ප්‍රදේශ නීත්‍යනුකූල කර ගැනීම සඳහායි.
විල්පත්තු වන සංහාරයේ අලුත්ම තත්වය
බදුර්දීන් තානාපතිවරුන් නොමග යවයි
පරිසර ප්‍රශ්න යට ගැසීමට ජාතිවාදය එළියට
විල්පත්තුවේ නව ජනාවාස නීති විරෝධීයි
විල්පත්තු උතුරු අභයභූමියේ සහ මරිච්චුක්කඞ්ඩෙයි/කාරක්කුඩි රක්ෂිත වනාන්තරයේ නව ජනාවාස ඉදිකර ඇත්තේ ජාතික පාරිසරික පනත, වන සංරක්ෂණ ආඥා පනත, වනසත්ව හා වෘක්ෂලතා ආඥාපනත, හා පුරාවස්තු ආඥා පනත යන අණපනත් සියල්ල උල්ලංඝනය කරමින් - සජීව චාමිකර, පරිසර සංරක්ෂණ භාරය.
ජනාවාසකරණයෙන් තර්ජනයට ලක් වන විල්පත්තු උතුරු වනාන්තර පද්ධතියේ ශාක ප්‍රජාව
මෙම වනාන්තර කලාපයේ කුල 118 කට අයත් ශාක විශේෂ 605 ක් වාර්තා වන අතර ඒ අතුරින් විශේෂ 33ක් ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වේ. මෙම වනාන්තර පද්ධතිය තුළ වාණිජමය වශයෙන් වටිනා (දැව) ශාක විශේෂ අති විශාල ප්‍රමාණයක් ද දැකගත හැකිය. මේ අතුරින් කළුවර, බුරුත, පලූ, වීර ප්රමුඛස්ථානයක් ගනියි. එමෙන්ම හීන් ඇඹිල්ල වැනි තර්ජනයට ලක් වූ ශාකද ඇටඹ, ගල්වීර, දහයියා අල, හීන් කෙන්ද වැනි ආවේණික ශාකද විශාල වශයෙන් වාර්තා වේ. එම නිසා මෙම ප්‍රදේශය සජීවී ජාන බැංකුවක් ලෙසද හැඳින්වීම නිවැරැුදිය.
ඊට අමතරව මෙම පද්ධතිය තුළ ඖෂධීය ශාක විශේෂ විශාල ප්‍රමාණයක් හදුනාගෙන ඇත. ඒ අතුරින් කෝවක්කා, හීන් තොළඹු, ගොඩමාන, මස් බැද්ද, මුඩුබිල්නුග වැනි ඖෂධ විශේෂ බහුල වශයෙන් වාර්තා වේ. තවද ආහාර භෝගවල දර්ශක වන ඌරුවි ද මෙහි බහුලය.
වනජ පළතුරු විශේෂ වන මාදං, කෝං, සියඹලා, කිරිකෝං, හා මහ එරමිණියා වැනි ඉතා වැදගත් ආහාරමය ප්‍රභවයන් ගණනාවක්ද මෙහි වාර්තා වේ.
වැඩිදුර තොරතුරු සඳහා අප සකස් කළ "විල්පත්තු වන සංහාරය පිලිබඳ විශ්ලේෂණාත්මක වාර්තාව" කියවන්න
අපගේ දැනුවත් කිරීමේ වැඩසටහනට සහය වන්න. පහත සඳහන් දෑ හැකි අයුරින් බෙදා හරින්න
අප සමග එක්වන්න
Join with us
Email: wilpattuwind@gmail.com
Location: Colombo, Western Province, Sri Lanka
Facebook: facebook.com/protectvilpattu
Twitter: @ProtectVilpattu